• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1964 දෙසැම්බර් 03 – පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනියගේ රජය පාර්ලිමේන්තුවේ 1964 දෙසැම්බර් මාසයේ දී පැවති ඡන්දයකින් පරාජයට පත් විය. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහ මහජන ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය විය. අවුරුදු දෙක තුනකට පෙර ඇති වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ද සැලකිල්ලට ගෙන, මාස කීපයකට පෙර 1964 ආරම්භයේ දී රජය වාමාංශික දේශපාලන පක්ෂ හවුල් කර ගනිමින් වෘත්තීය සමිති මගින් ඇති කළ දේශපාලන අස්ථාවර භාවය මැඩපැවැත්වීමේ උත්සාහයක යෙදුනි. කෙසේ වුව ද, ආණ්ඩු පක්ෂය තුළ පැවති කළ කිරීම් සහ මැසිවිලි ‍හේතු කොට ගෙන සමහර මන්ත්‍රීවරුන් විරුද්ධ පක්ෂය හා එකතු වී ඡන්දය දීමෙන් බණ්ඩාරනායක මැතිණිය‍ගේ ප්‍රථම රජය බිඳවැටුණි. 1964 දෙසැම්බර් 17 පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම ආණ්ඩු කාලය අවසන් විය.