• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1976 නොවැම්බර් 05 – 08 – මලයාසියාවට යාම

නැගෙනහිර ආසියාවේ සංචාරයකට පිවිසෙමින් බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමයෙන් අගමැති දාතුක් හුසේන් ඕන්ගේ ආරාධනය පරිදි මලයාසියාවට ගියා ය. අගමැති තුමා ද, නියෝජ්‍ය අගමැති ආචාර්ය මහතීර් මහමුද් ද, ස්වදේශීය කටයුතු ඇමති ටුන් මහමුද් ගසාලි ෂෆී ද සමග පැවැත් වූ සාකච්ඡාවල දී ක්වාලාම්පූර් වෙතින් බලෙන් පැහැරගත් ගුවන් යානයට කොළඹ දී ඉන්ධන ලබා ගැනීමට ඉඩ දීම ගැන මලයාසියානු රජය වෙනුවෙන් බණ්ඩාරනායක මැතිනිය සහ ශ්‍රී ලංකා රජයට ප්‍රශංසාව පලවිය. සුල්තාන් යහයා පෙට්රා රජතුමා බණ්ඩාරනායක මැතිනිය පිළිගත්තාය. ඇය මලයාසියාවේ නිදහස් වෙළෙඳ කලාපය ද නැරඹීමට ගියාය.