• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1973 සැප්තැම්බර් 05 – 09 – ඇල්ජයර්ස් හී පැවති නොබැඳි ව්‍යාපාරයේ හතරවන නායක සමුළුව

නොබැඳි ව්‍යාපාරයේ සාමාජික රටවල් 75ක නායකයන්‍ නොබැඳි ව්‍යාපාරයේ හතරවන නායක සමුළුව සඳහා ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජයර්ස් හී දී රැස් වූහ. මෙම සමුළුවේ දී සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා විසින් ව්‍යාපාරයේ නායකත්වය ජනාධිපති හෝරි බූමදීන්ට පවරන ලදී. ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරූ බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ව්‍යාපාරයේ න්‍යාය පත්‍රයට ආර්ථික සංවර්ධනය ඇතුළත් කිරීමෙන් නොබැඳි ව්‍යාපාරයට නව මගක ගමන් කිරීමට සැලැස්වීමේ ප්‍රයත්නයට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇල්ජියර්ස් හී දී ආර්ථික සහයෝගීතාවය සඳහා ආර්ථික ප්‍රකාශනයක් සහ ක්‍රියාකාරී සැලැස්මක් නිකුත් කරන ලදී. ලෝකයේ සංවර්ධනය වන රටවල හඳුනාගත් සංවර්ධන ගැටළු 1976 කොළඹ සමුළුවේ දී තවදුරටත් අවධාරණය කරන ලදුව එළඹුන තීරණ බණ්ඩාරනායක මැතිනිය විසින් 1976 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.