• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ජුනි 05 – තෙල් සමාගම් පවරා ගැනීම

සියළු පැට්රෝලියම් නිෂ්පාදන ලංකාවට ගෙන්වීම හා බෙදාහැරීම ලංකා ඛනිජ ‍තෙල් සංස්ථාව විසින් පමණක් කළ යුතු බව 1963 ජුනි මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය තීරණය කළාය. විදේශ විනිමය සංරක්ෂණයට සතුටුදායක සංරක්ෂණ යාන්ත්‍රණයක් නොමැති වීම සහ තෙල් සැපයුම අඛණ්ඩ ලෙස සිදුවීම සහතික කිරීමට මෙම පියවර ගන්නා ලදී. මේ අනුව 1963 ලංකා ඛනිජ තෙල් සංස්ථා පනත, 1963 අගෝස්තු 22 දින සම්මත කරන ලද අතර, 1964 ජනවාරි 01 සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකාවේ එකම පැට්රෝලියම් නිෂ්පාදන ආතයනය සහ බෙදාමැරීම සිදු කරන ආයතනය බවට පත් විය.