• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1976 නොවැම්බර් 08 – 11 – පිලිපීනයට යාම

බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ නියෝජිත පිරිසගේ නැගෙනහිර ආසියා සංචාරයේ දෙවන පියවර වූ යේ මැනිලාවට යාම යි. තුන් දින සංචාරය ආරම්භයේ දී ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඉමෙල්ඩා මාකෝස් මැතිනියගෙන් බණ්ඩාරනායක මැතිනියට උණුසුම් පිළිගැනීමක් හිමි විය. අනතුරුව, වෙළෙඳාම, කර්මාන්ත, මූල්‍ය කටයුතු, අධ්‍යාපනය සහ කෘෂිකර්මය ආවරණය කරන පුළුල් පරාසයක ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන ලදී. ජාතික ස්මාරකය, පිලිපීන හෘද මධ්‍යස්ථානය, සමාජ සුබ සාධනය සඳහා වන ආසියානු මධ්‍යස්ථානය සහ පෝෂක මධ්‍යස්ථානය ඇතුළු කොරෙජිඩෝ බොක්ක සහ බටාන් චාරිකාවට ඇතුළත් විය.