• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1976 ඔක්තෝබර් 08 – නෝර්වේ සංචාරය

ඔස්ලෝ නගරයට ගිය බණ්ඩාරනායක මැතිනිය අගමැති ඔඩ්වා නෝර්ඩි හමුවිය. අන්තර්ජාතික කටයුතු ක්‍ෂෙත්‍රයෙහි බණ්ඩාරනායක මැතිනියගේ සේවය අගය කළ ඔහු නොබැඳි ව්‍යාපාරය සහ තානාපති ෂර්ලි අමරසිංහ මහතා මුලසුන දැරූ මුහුදු නීතිය පිළිබඳ සම්මේලනයෙහි ශ්‍රී ලංකාව ඉටුකළ කාර්යභාරය ගැන විශේෂයෙන් සඳහන් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන වැඩසටහන් පුළුල් කිරීම, ආර්ථිකයේ වැදගත් අංශ ජාතික පාලනයට නතු කිරීම සහ පරිපූර්ණ පොදු සෞඛ්‍ය සේවා වැඩසටහන් අගමැති නෝර්ඩිගේ ප්‍රශංසාවට පාත්‍ර විය.