• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

2000 අගෝස්තු 10 – අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම

අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී දේශපාලන ක්‍ෂෙත්‍රයෙන් විශ්‍රාම ගත්තාය. ඇය 84 වන වියේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන විට ලෝකයේ සේවයෙහි නියුතු වඩාත්ම වයෝවෘද්ධ අගමැති / අගමැතිණි ඇය විය. ඇයගේ අස්වීමත් සමග තුන්වරක් අග්‍රාමාත්‍ය ධූරය ද, දෙවරක් විරුද්ධ පක්ෂයේ නායක ධූරය ද හොබවමින් දීප්තිමත් ශිඛර පසු කළ දශක හතරක් දීර්ඝ වූ දේශපාලන දිවිපෙවෙත නිම විය.