• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1974 නොවැම්බර් 10 – සෝවියට් දේශය සහ ජෝර්ජියාව බලා පිටත්ව යාම

1974 නොවැම්බර් මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය සෝවියට් දේශය සහ ජෝර්ජියාවේ නිල ගමනක යෙදුනාය. මෙම ගමනේ දී ඇය ටෂ්කෙන්ට්, මොස්කව් සහ අවසාන වශයෙන් ටිබිලිසි යන ප්‍රදේශවල සංචාරය කළාය. අගමැති කොසිගින් සහ විදේශ ඇමති ඇන්ඩ්‍රි ග්‍රොමිතෝ හමු වූ බණ්ඩාරනායක මැතිනිය සෝවියට් දේශය සමග පැවති සබඳතා තර කිරීමට දායක වූවාය. මොස්කව් දක්වා යාම හා ආපසු ඒම සඳහා බණ්ඩාරනායක මැතිනිය හා ඇයගේ නියෝජිත පිරිසට විශේෂ ගුවන් යානයක් සෝවියට් සංගමය විසින් ලබා දෙන ලදී.