• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ජනවාරි 12 – කොළඹ යෝජනා සඳහා කැමැත්ත ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත්ව යාම

ඉන්දියාව හා චීනය අතර පැවති අර්බුධකාරී තත්ත්වය ගැන කොළඹ දී එළඹුන තීරණ ගැන ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුගේ කැමැත්ත ලබා ගැනීමට බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව බලා පිටත්ව ගියා ය. බණ්ඩාරනායක මැතිනිය නව දිල්ලියේ දී කථා කරමින් “යුද්ධය කිසිදු ප්‍රශ්නයක් නොවිසඳයි. එය තවත් ප්‍රශ්න ඇති කරයි. මෙය ඉතිහාසය විසින් අපට උගන්වා ඇති පාඩමක් බව මම විශ්වාස කරමි” යනුවෙන් කීවාය.