• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1977 මැයි 12 – ලෝක ආහාර සංවිධානයේ සිරෙස් (Ceres) පදක්කම ලැබීම

බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ ආහාර ස්වයංපෝෂණ ක්ෂේත්‍රය තුළ ලබාදුන් දායකත්වය පිළිගැනීමට පාත්‍ර කරමින් ඇයට සිරෙස් පදක්කම ප්‍රදානය කරන ලදී. අධ්‍යක්‍ෂ ජනරාල් එඩුආඩ් සෞමා විසින් කෘෂිකර්මය පිළිබඳ රෝමානු දෙවඟන නමින් නම් කරන ලද මෙම පදක්කම කොළඹ දී පැවති උත්සවයක දී ප්‍රදානය කරන ලදී. සංවර්ධනය වන රටවල කෘෂිකර්ම සංවර්ධනය කෙරෙහි බණ්ඩාරනායක මැතිනිය ලබාදුන් නායකත්වය, අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ප්‍රවේශයෙහි විවිධ අංශ හුවා දක්වමින් කථා කළ සෞමා මහතා “දිළිඳු ජනයා වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිරෙස් පදක්කම සංකේතවත් කරන සියළු දෑ නියෝජනය කිරීමෙහි සමත් අන් කෙනෙකු ගැන තමාට සිතන්නට නොහැකි බව” ප්‍රකාශ කළේය.