• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1971 ඔක්තෝබර් 12 – එක්සත් ජාතීන්ගේ මහා සභාව – සාම කලාප යෝජනාව

1971 ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා සභාවේ 26 වන සැසිවාරයට සහභාගී වූ බණ්ඩාරනායක මැතිනිය, ඉන්දියානු සාගරය සාම කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළා ය. මෙම මාතෘකාව ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් යූ. තාන්ට් මහතා සමග ද ඇය සාකච්ඡා කළා ය. ටැන්සානියාව සමග එකතු වී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව බොහෝ රටවල් අනුග්‍රහය දැක්වූ අතර පුළුල් සහයෝගයක් ලැබුණි. අන්තර්ජාතික රැස්වීම් රාශියක මෙම ගැටළුව මතු කළ අවස්ථාවන්හී ඡන්දය දීමෙන් වැළකී සිටි අයගේ සහයෝගය ලබා ගැනීමට ඉන්දියාව සහ ලංකාව වෙහෙස නොබලා කටයුතු කළහ.