• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

2000 ඔක්තෝබර් 14 – අවසන් ගමන

කාන්තාවන් සඳහා වූ ගමන් මග පෙන්වා දී, නොබැඳි පිළිවෙතෙහි අගය ආරක්ෂා කොට ප්‍රවර්ධනය කළ, සංවර්ධනය වන රටවල අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ, ආදර්ශමත් නායිකාවකගේ නික්ම යාම ගැන ලෝකයේ ජාතීන් ශෝක වූ අතර, එම පුවත ලොව පුරා සිරස්තල පැහැරගත්තේ ය. අත්තනගල්ලේ හොරගොල්ල සමාධියෙහි තම ස්වාමියා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දේහය අසල තැන්පත් කළ බණ්ඩාරනායක මැතිනියගේ දේහයට දහස් ගණන් ජනතාව අවසන් ගෞරව දැක්වූහ.