• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1976 අගෝස්තු 16 – 19 – නොබැඳි ව්‍යාපාරයේ මුලසුන දැරීම

නොබැඳි ව්‍යාපාරයේ පස්වන නායක සමුළුව කොළඹ දී පැවැත්වීමත් සමග රටවල් 86කින් සමන්විත මෙම ව්‍යාපාරයේ නායකත්වය බණ්ඩාරනායක මැතිනියට හිමි විය. ඇල්ජීරියානු ජනාධිපති හෝරි බෝමචීන්ගෙන් නායකත්වය ලැබීමෙන් පසුව, බණ්ඩාරනායක මැතිනිය, සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වන රටවල් අතර පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව, සාමූහික ආර්ථික ස්වශක්තිය අවධාරණය කරමින් ආර්ථික සංවර්ධන මාවතෙහි මෙම ව්‍යාපාරය මෙහෙය වූවාය. සංවර්ධනය වන රටවල අපේක්ෂාවන් තරයේ ප්‍රකාශ කරමින්, වෙළෙඳාම පුළුල් කිරීමට සහාය වන “නව අන්තර්ජාතික ආර්ථික ප්‍රකාරයක්” සඳහා බලවත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. අළුතෙන් ඉදිකරන ලද චීන රජය විසින් ප්‍රදානය කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැත් වූ පස්වන නායක සමුළුව, ශ්‍රී ලංකාව සංවර්ධනය වන රටවල කේන්ද්‍රස්ථානයෙහි තැබීමට ඉවහල් විය.