• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1975 දෙසැම්බර් 16 – පකිස්තානයේ ජනාධිපති සුල්ෆිකාර් අලිභූටෝ මහතාගේ පැමිණීම

බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි පකිස්තානයේ ජනාධිපති අලිභූටෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙහි රැඳී සිටිය කාලයේ ජාතික රාජ්‍ය සභාව අමතා කථා කළේ ය. ඒ අනුව ඔහු 1963 ජනරාල් අයුබ්ඛාන් මහතා ජාතික රාජ්‍ය සභාව ඇමතීමෙන් පසු ශ්‍රී ලංකා රාජ්‍ය සභාව ඇමතූ දෙවන පකිස්තානු නායකයා විය. පකිස්තානය දෙකඩ වීමෙන් පසුව පැවති තත්ත්වය සහ නැගෙනහිර සහ බටහිර පකිස්තානය අතර සිවිල් ගුවන් යානා ගමන් කිරීමේ දී ඉන්ධන ලබා ගැනීමට ශ්‍රී ලංකාව පහසුකම් සැලසීමෙන් පකිස්තානයට සහ‍යෝගය දැක්වීම පසුබිම් කොටගත් කාල පරිච්ඡේදයක බණ්ඩාරනායක මැතිනිය බූටෝ මහතා සමග පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වීය.