• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1980 ඔක්තෝබර් 16 – සිවිල් නුසුදුසුකම පැනවීම

බණ්ඩාරනායක මැතිනිය 1977 දී මහජන ඡන්දයෙන් පරාජය වීමත් සමග, ජයවර්ධන ආණ්ඩුව විසින් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින්, අග්‍රාමාත්‍ය හැටියට සේවය කළ කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය බලය අවභාවිතා කළ බව තීන්දු කළේ ය. ඇයගේ මෙන්ම ඇයගේ රාජ්‍යතන්ත්‍රයන්හී වැදගත් තනතුරු හෙබවූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ ද ප්‍රජා අයිතිය අහිමි කළ අතර, බණ්ඩාරනායක මැතිනියගේ පාර්ලිමේන්තු අසුන ද අහිමි කරන ලදී. පාර්ලිමේන්තුවෙන් පහ කිරීමේ යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය දුන් අතර විපක්ෂව 19 දෙනෙක් ඡන්දය දුන්නේය. බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිට වූවාය. ඇයගේ දෙපසින් විරුද්ධ පක්ෂයේ නායක අප්පපි‍ල්ලේ අමිර්තලිංගම් මහතා ද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති මුරුගේසු සිවසිත්තම්පරම් මහතා ද ගමන් කළහ. මෙම තීරණයෙන් පසු බණ්ඩාරනායක මැතිනියට ක්‍රියාකාරී වශයෙන් දේශපාලනයෙහි නිරත වීමට නොහැකි විය.