බණ්ඩාරනායක මැතිනියගේ සංචාරයට පෝලන්තය ද ඇතුළත් විය. පෝලන්තය, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1957 වර්ෂයේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳකම් ඇති කරගත් රටකි. වෝසෝ නගරයේ දී අගමැති ජෝසප් සිරන්කිවෙස් මහතාගේ ආරාධනය පරිදි ඇයව උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී. විශේෂයෙන් ම ඇයව පිළිගත්තේ, ඇයගේ ජයග්‍රහනවලින් මහත් ආදර්ශයක් ලබාගත් පෝලන්ත කාන්තා සංගමය විසිනි. ඇයගේ කෙටි සංචාරය තුළ පෝලන්ත රාජ්‍ය සභාවේ සභාපති වූ ඇලෙක්සැන්ඩර් සනඩ්ක්සි මහතා ද හමු වූවාය.