• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1973 මැයි 17 – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සමාරම්භය

බණ්ඩාරනායක මැතිනිය, ජනාධිපති විලියම් ගොපල්ලව, චීනයේ රාජ්‍ය සභාවේ උප සභාපති මාෂල් හ්සූ හියැං-චියෙන්, චීනයේ තානාපති සහ ශ්‍රී ලංකාවේ සහ චීනයේ කම්කරුවන් නියෝජනය කළ කම්කරුවන් දෙදෙනෙක් සහභාගී වූ උත්සවයක දී චීන රජය විසින් පිරිනමන ලද ත්‍යාගයක් වූ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සමාරම්භය සිදුවිය. 1973 මැයි 17 දින සවස 3.55 ට චීන තානාපතිවරයා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ යතුර තැන්පත් කළ බන්දේසිය බණ්ඩාරනායක මැතිනියට පිරිනැමූ පසු ඇය විසින් එම බන්දේසිය සම්මන්ත්‍රණ ශාලාවේ පරිපාලක තැනට පිරිනමන ලදී. සමාරම්භක උත්සවය ඇමතූ බණ්ඩාරනායක මැතිනිය මෙම ‘විශිෂ්ට ත්‍යාගය’ සම්බන්ධයෙන් චීනයට ස්තූති කළාය. තව දුරටත් උත්සව සභාව අමතමින් මෙම ශාලාව අගමැති සොලමන් බණ්ඩාරනායක ජාත්‍යන්තරවාදය සහ මිනිසාගේ සහෝදරත්වය කෙරෙහි දැක්වූ භක්තිය සහ යම් දිනක ලෝකයේ ජාතීන්ට හමුවිය හැකි ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත යන ඔහුගේ හදවතට ඉතා සමීප වූ අදහස මස්තප්‍රාප්ත වීම දක්වන නොවෙනස් වන ප්‍රතිමූර්තියක් වනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බව බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශ කළාය. අගමැති චෞ එන් ලායි මහතා අසනීප වීම නිසා මෙම උත්සවයට පැමිණියේ නැත. 1963 ඔහු මෙරටට පැමිණි අවස්ථාවේ දී ශාලාව සඳහා යෝජනාව ඉදිරිපත් විය. කොළඹ 7 ප්‍රදේශයේ අක්කර 37ක් ආවරණය කරන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අද දින ඉතා ශක්තිමත් ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය දක්වන ස්මාරකයක් ලෙස දිස් වේ.