• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1975 ජුනි 18 – මෙක්සිකෝවේ පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුව

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ බණ්ඩාරනායක මැතිනිය, තම ප්‍රථම මැතිවරණයෙන් 15 වසරකට පසු, කාන්තාවන් පිළිබඳව මෙක්සිකෝවේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා, මුඛ්‍ය දේශනය කළාය. කාන්තාවන්ගේ කාර්යභාරය වචනයට නංවමින් ඔවුන්ගේ දායකත්වය අවධාරණය කළ ඇය “අප මෙහි පැමිණ සිටින්නේ කාන්තාවන්ට වෙනස්කම් දැක්වීමේ පිළිවෙත බිඳහෙලීමට පමණක් නොව, සංවර්ධනයේ දී අමතක කරන ලද මානව වර්ගයාගෙන් අඩකට වැඩි කොටසක් ඒකාබද්ධ කර ගැනීමෙන් ලෝක වාසීන්ට අයත්වන ප්‍රතිලාභ දර්ශන පථයට හසුකර ගැනීමටය” යනුවෙන් ප්‍රකාශ කළා ය. මෙක්සිකෝවේ ජනාධිපති ලුවී එන්චවෙරියා අල්වාරෙස් සහ එම රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත් වූ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ කුරුඳු වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට මෙක්සිකෝ රජය කැමති කරවා ගත්තාය. මෙක්සිකෝවේ ගත කළ කාලය තුළ බණ්ඩාරනායක මැතිනිය ස්වීඩනයේ අගමැති ඕලොෆ් පාමේ ද, ප්‍රථම ගගනගාමී කාන්තාව වන රුසියන් ජාතික අජටාකාශගාමී වැලන්ටිනා තෙරෙස්කෝවාද හමු වූවාය.