• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1994 අගෝස්තු 19 – කාර්ය නියමයක් නැති ඇමති

දේශපාලන පක්ෂවල එකතුවක් වූ මහජන පෙරමුණෙහි ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන භූමියේ ඉහළම තලයට ගෙන එමින් මුළු ඡන්ද ගණනින් 48.94%ක් ලබාගත් බණ්ඩාරනායක මැතිනියගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 මහජන ඡන්දයෙන් පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගත්තා ය. රජයේ වැඩිම ජ්‍යෙෂ්ඨත්වය හිමි බණ්ඩාරනායක මැතිනිය, ඇයගේ දියණිය අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දීමෙන් අනතුරුව, කාර්ය නියමයක් නැති ඇමිතිනිය හැටියට ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.