• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1988 දෙසැම්බර් 19 – ජනාධිපති මැතිවරණයේ දී පරාජය වීම

බණ්ඩාරනායක මැතිනිය ප්‍රථමවරට 1988 දී ජනාධිපති තේරීමේ ඡන්දයට ඉදිරිපත් වූවා ය. ඉන්දු ලංකා සාම සම්මුතිය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය, ඉන්දියානු සාම සාධක හමුදා ශ්‍රී ලංකාවේ රඳවා ගැනීම සහ පවත්නා රජය විසින් දේශපාලන ආධාරකරුවන් මර්දනය කිරීම ඇතුළු මානව අයිතිවාසිකම් කඩ කිරීම යන කරුණුවලට තම විරෝධය පලකරමින් ඉදිරිපත් වූ බණ්ඩාරනායක මැතිනියට වලංගු ඡන්දවලින් 44.9%ක් වූ ඡන්ද 2,289,860ක් ලැබුණි. කෙසේ වුව ද වලංගු ඡන්දවලින් 50.4%ක් ලබාගත් අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාට ඇය පරාජය වූවාය.