• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ජුනි 19 – දකුණු වියට්නාමයේ බෞද්ධයන් වධහිංසාවලට භාජන කිරීම ගැන සැලකිලිමත් වීම

දකුණු වියට්නාමයේ බෞද්ධයන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සැලකිල්ල යොමු කිරීම සඳහා ලංකාව මුලික‍ත්වය ගෙන ක්‍රියා කළේ ය. ඉන්දියානු අගමැති නේරු, බුරුමයේ නායක ජනරාල් නේවින්, ලාඔසයේ අගමැති සුවන්න ෆූමා කුමරු, කාම්බෝජයේ නායක සිහනුක් කුමරු, ජපානයේ අගමැති ඉකේඩා, තායිලන්තයේ අගමැති තනරත් සහ නේපාලයේ මහේන්ද්‍ර රජ යන අයට ලිපි යවා වියට්නාමයේ බෞද්ධයන්ගේ දුක් පීඩා අඩු කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියා කරන ලෙස බණ්ඩාරනායක මැතිනිය ඉල්ලා සිටියා ය. ආධාර ලබා ගැනීමේ පදනම ශක්තිමත් කොට දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාවටත් ආගම ඇදහීමේ නිදහස ද, ආගමික සමානාත්මතාව ද, ලබා දීම සහතික කරන ලෙස දකුණු වියට්නාම රජය සමග පැවති තම යහපත් සබඳතාවය මත එරටින් ඉල්ලා සිටින ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාගෙන් බණ්ඩාරනායක මැතිනිය ඉල්ලීමක් ක‍ළා ය.