Monthly Archives: අගෝස්තු 1960

1960 අගෝස්තු 05 – සෙනෙට් සභිකයකු ලෙස දිවුරුම් දීම

අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසු, මාස තුනක් ඇතුළත, බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවේ හෝ එවකට පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩලය වූ සෙනෙට් සභාවේ අසුනක් ලබා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව කණිෂ්ඨ ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෙකු හැටියට සෙනෙට් සභාවට පත්වීමට බණ්ඩාරනායක මැතිනියට අවස්ථාව ලැබුණි.