Monthly Archives: සැප්තැම්බර් 1961

1961 සැප්තැම්බර් 01 – 06 – බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායක රැස්වීම

යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් හී පැවති ප්‍රථම නොබැඳි සමුළු නායකයන්ගේ රැස්වීමට සහභාගී වීමෙන් බණ්ඩාරනායක මැතිනිය නේරු, ටිටෝ, සුතර්නෝ, නසර් සහ න්කෘමා වැනි ශ්‍රේෂ්ඨ ලෝක නායකයන් සමග නොබැඳි ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු වූවා ය. බෙල්ග්‍රේඩ් හී සමුළුව අමතමින් “මගේ රටේ නියෝජිත හැටියට පමණක් නොව, කාන්තාවක් සහ මාතාවක් හැටියට මිලියන ගණනක කාන්තාවන් සහ මවුවරුන්ගේ හැඟීම් සහ සිතුම් පැතුම් හඳුනන කෙනෙකු