Monthly Archives: ජනවාරි 1963

1963 ජනවාරි 12 – කොළඹ යෝජනා සඳහා කැමැත්ත ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත්ව යාම

ඉන්දියාව හා චීනය අතර පැවති අර්බුධකාරී තත්ත්වය ගැන කොළඹ දී එළඹුන තීරණ ගැන ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරුගේ කැමැත්ත ලබා ගැනීමට බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාව බලා පිටත්ව ගියා ය. බණ්ඩාරනායක මැතිනිය නව දිල්ලියේ දී කථා කරමින් “යුද්ධය කිසිදු ප්‍රශ්නයක් නොවිසඳයි. එය තවත් ප්‍රශ්න ඇති කරයි. මෙය ඉතිහාසය විසින් අපට උගන්වා ඇති පාඩමක් බව මම විශ්වාස කරමි” යනුවෙන්

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම