Monthly Archives: ජූනි 1963

1963 ජුනි 19 – දකුණු වියට්නාමයේ බෞද්ධයන් වධහිංසාවලට භාජන කිරීම ගැන සැලකිලිමත් වීම

දකුණු වියට්නාමයේ බෞද්ධයන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සැලකිල්ල යොමු කිරීම සඳහා ලංකාව මුලික‍ත්වය ගෙන ක්‍රියා කළේ ය. ඉන්දියානු අගමැති නේරු, බුරුමයේ නායක ජනරාල් නේවින්, ලාඔසයේ අගමැති සුවන්න ෆූමා කුමරු, කාම්බෝජයේ නායක සිහනුක් කුමරු, ජපානයේ අගමැති ඉකේඩා, තායිලන්තයේ අගමැති තනරත් සහ නේපාලයේ මහේන්ද්‍ර රජ යන අයට ලිපි යවා වියට්නාමයේ බෞද්ධයන්ගේ දුක් පීඩා අඩු කිරීමට

1963 ජුනි 05 – තෙල් සමාගම් පවරා ගැනීම

සියළු පැට්රෝලියම් නිෂ්පාදන ලංකාවට ගෙන්වීම හා බෙදාහැරීම ලංකා ඛනිජ ‍තෙල් සංස්ථාව විසින් පමණක් කළ යුතු බව 1963 ජුනි මාසයේ දී බණ්ඩාරනායක මැතිනිය තීරණය කළාය. විදේශ විනිමය සංරක්ෂණයට සතුටුදායක සංරක්ෂණ යාන්ත්‍රණයක් නොමැති වීම සහ තෙල් සැපයුම අඛණ්ඩ ලෙස සිදුවීම සහතික කිරීමට මෙම පියවර ගන්නා ලදී. මේ අනුව 1963 ලංකා ඛනිජ තෙල් සංස්ථා පනත, 1963 අගෝස්තු 22