Monthly Archives: ඔක්තෝබර් 1963

1963 ඔක්තෝබර් 21 – 28 – සෝවියට් සංගමයේ සංචාරය

ශීතල යුද්ධයෙහි නිරතව සිටි සුපිරි බලවතුන් දෙදෙනා සමගම ඵලදායී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවෙහි යොදවමින්, සෝවියට් – ලංකා සබඳකම් තර කරන අතරම තම තුන් අවුරුදු නිල කාලය තුළ දැරූ අන්තර්ජාතික ප්‍රයත්නයන් තව දුරටත් ඉදිරියට ගෙනයාමේ අරමුණ ඇතිව බණ්ඩාරනායක මැතිනිය මොස්කව් බලා රාජ්‍ය නිල ගමනකට පිටත් වූවා ය. සෝවියට් සංගමයට ගිය ප්‍රථම ලාංකික අගමැති හැටියට ඇය

1963 ඔක්තෝබර් 17 – 20 – පෝලන්තය බලා පිටත්ව යාම

බණ්ඩාරනායක මැතිනියගේ සංචාරයට පෝලන්තය ද ඇතුළත් විය. පෝලන්තය, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1957 වර්ෂයේ දී රාජ්‍යතාන්ත්‍රික සබඳකම් ඇති කරගත් රටකි. වෝසෝ නගරයේ දී අගමැති ජෝසප් සිරන්කිවෙස් මහතාගේ ආරාධනය පරිදි ඇයව උත්සවාකාරයෙන් පිළිගන්නා ලදී. විශේෂයෙන් ම ඇයව පිළිගත්තේ, ඇයගේ ජයග්‍රහනවලින් මහත් ආදර්ශයක් ලබාගත් පෝලන්ත කාන්තා සංගමය විසිනි. ඇයගේ කෙටි සංචාරය තුළ පෝලන්ත රාජ්‍ය සභාවේ සභාපති වූ ඇලෙක්සැන්ඩර්

1963 ඔක්තෝබර් 14 – 17 – චෙකොස්ලෝවැකියාවට පිටත්ව යාම

ප්‍රාග් නගරයට පැමිණි බණ්ඩාරනායක මැතිනිය, චෙකොස්ලෝවැකියාවේ අගමැති ජෝසෆ් ලෙනා‍ට් සහ ජනාධිපති ඇන්ටොනින් නොවොට්නි සමග, විශේෂයෙන් ඒ වන විටත් ය‍ටත් විජිත පාලනයට එරෙහිව අරගල කරමින් හිටි ජාතීන් සමග එකමුතුව කටයුතු කිරීම ගැන අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වී ය. තව ද චෙකොස්ලෝවැකියානු වෙළෙඳ පොළෙහි ලංකාවේ අපනයනයන් වැඩි කිරීම ද සාකච්ඡාවට පාත්‍ර විය.

1963 ඔක්තෝබර් 09 – 14 – එක්සත් අරාබි ජනරජයට පිටත්ව යාම

එක්සත් අරාබි ජනරජය සමග තානාපති සබඳකම් ආරම්භ කිරීමට ප්‍රථම, 1956 දී ඊජීප්තුවට එරෙහිව දියත් වූ ත්‍රෛපාක්ෂික ආක්‍රමණයට එරෙහි ලංකා රජයේ ස්ථාවරය හේතු කොට ගෙන ඊජීප්තු ජනතාව ලංකාව කෙරෙහි දැක්වූ ඉමහත් ප්‍රසාදය පසුබිම් කොට ගෙන ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් සහ අගමැති අලී සබ්‍රි, බණ්ඩාරනායක මැතිනිය හරසරින් පිළිගත්හ. නිරායුධකරණය සහ දකුණු වියට්නාමයේ නොසන්සුන්තාවයට සාකච්ඡාවේ මුල්තැන හිමි වූ