Monthly Archives: ඔක්තෝබර් 1964

1964 ඔක්තෝබර් 30 – පුරවැසිභාවය පිළිබඳ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී තේ සහ රබර් වතුවල වැඩ කිරීම සඳහා ගෙනෙන ලද ඉන්දියානු සම්භවයෙන් යුත් මිලියනයක් පමණ පිරිසගේ පුරවැසිභාවය ගැන ඉන්දියානු අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග සම්මුතියකට එළැඹීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. ඇය 1964 ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවට ගිය අවස්ථාවේ දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ අනුව 525,000ක් පිරිස ඉන්දියාවට ආපසු යැවීමට

1964 ඔක්තෝබර් 27 – මහවැලි ගඟ සහ වියළි කලාපය සමීක්ෂණය ආරම්භ වේ

මහවැලි ගඟ සහ උතුරු සහ මධ්‍යම පළාත්වල වියළි කලාපය සමීක්ෂණය සඳහා වූ ව්‍යාපෘතියක් 1961 දී බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් අරඹන ලදී. ලංකාව, එක්සත් ජාතීන්ගේ විශේෂ අරමුදල සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් මෙහෙයුම් සැලැස්ම 1964 ඔක්තෝබර් 12 දින අත්සන් කරන ලදුව, පූර්ණ වශයෙන් වාරි කටයුතු සහ ජල විදුලි බල සංවර්ධනය සඳහා මහා සැලැස්මක් සකස් කිරීම

1964 ඔක්තෝබර් 05 – 10 – කයිරෝහී පැවති දෙවන නොබැඳි නායක සමුළුව

යූගෝස්ලාවියානු නායක මාෂල් ‍ජෝසප් බ්‍රෝස් ටිටෝ කයිරෝ හී පැවති දෙවන නායක සමුළුවේ දී නොබැඳි ව්‍යාපාරයේ නායකත්වය ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ට පිරිනැමුවේ ය. වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයට අනුරූප වන ලෙස නොබැඳියාවේ අර්ථ නිරූපනය සහ කාර්යභාරය පරිණාමය විය යුතු බව සමුළුව අමතමින් බණ්ඩාරනායක මැතිනිය කීවා ය. “බලකඳවුරුවලට අන්තර්ග්‍රහනය වීමෙන් වැළකී සිටීමේ අධිෂ්ඨානය නිසා නොබැඳී සිටීමේ