Monthly Archives: මැයි 1970

1970 මැයි 29 – දෙවන වරටත් අගමැතිනිය හැටියට දිවුරුම් දීම

දෙවන වරටත් අගමැතිනිය හැටියට තේරී පත්වුන බණ්ඩාරනායක මැතිනිය අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියෙහි දිවුරුම් දුන්නා ය. අග්‍රාමාත්‍ය ධූරයට අමතරව බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය පදවිය ද, සැලසුම්කරණය සහ සේවා නියුක්තිය පිළිබඳ ඇමති ධුරය ද දැරුවා ය.

1970 මැයි 27 – මහජන ඡන්දයෙන් ජය ලැබීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකතු වූ එක්සත් පෙරමුණේ නායිකාව ලෙස බණ්ඩාරනායක මැතිනිය 1970 මහජන ඡන්දයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා ය. ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් ද, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් ද, කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් ද හිමි විය.