1970 සැප්තැම්බර් 29 – ඊජීප්තුවේ ජනාධිපති නසාර්ගේ අභාවය
නොබැඳි ව්‍යාපාරයේ බලගතු නායකයෙකු වූ ද, බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිතුරෙකු වූ ද ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ අභාවය නිසා ඔහුගේ රාජ්‍ය අවමංගල උත්සවයට කයිරෝ නගරයට යාමට බණ්ඩාරනායක මැතිනියට සිදු විය. ඔහුගේ මරණයට සති කීපයකට පෙර නොබැඳි ව්‍යාපාරයේ නසාර් මහතා දැරූ නායකත්වය සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා මහතාට පිරිනැමූ ලුසාකා සමුළුවේ දී බණ්ඩාරනායක මැතිනියට නසාර් මහතා හමුවිය.