Monthly Archives: ජනවාරි 1974

1976 ජනවාරි 24 – තායිලන්තයට යාම

නැගෙනහිර ආසියා සංචාරයේ දෙවන ඉසව්ව වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ නියෝජිත පිරිස බැංකොක් නගරයට පැමිණියේය. අගමැති කුක්රිට් ප්‍රමෝජාන්ඩ් සහ විදේශ ඇමති චට්චායි චුන්හවන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු බණ්ඩාරනායක මැතිනිය භූමිබෝල් අදුල්යඩෙජ් රජතුමා සහ සිරිකිට් රැජින ද, රාජකීය පවුලේ වෙනත් සාමාජිකාවන් ද බැහැ දුටුවාය. මෙම ගමනේ දී ඇය චියංමායී ප්‍රදේශයට ද ගියාය.

1974 ජනවාරි 22 – 29 – ඉන්දියානු ජනරජ දිනයේ දී ප්‍රධාන අමුත්තා වීම

1974 ඉන්දියානු ජනරජ දින උත්සවයේ ප්‍රධාන අමුත්තන් හැටියට බණ්ඩාරනායක මැතිනියට සහ යුගෝස්ලෝවියානු ජනාධිපති ජෝසප් ටිටෝ මහතාට ආරාධනා ලැබුණි. ඉන්දියාවේ ජනාධිපති සහ අගමැති සමග ලෝක නායකයන්ට සහභාගී වීමට ආරාධනා ලැබෙන මෙම ඓතිහාසික දිනයට සහභාගී වීමේ දුර්ලභ ගෞරවය ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ ධූර කාලයේ දී බණ්ඩාරනායක මැතිනිය ලැබුවා ය.