Monthly Archives: සැප්තැම්බර් 1974

1974 සැප්තැම්බර් 10 – බටහිර ජර්මනියට යාම

බටහිර ජර්මනියේ චාන්සලර් හෙල්මට් ස්මිට් මහතාගේ ආරාධනය පරිදි බණ්ඩාරනායක මැතිනිය බටහිර ජර්මනියේ සංචාරයක යෙදුනා ය. ලෝකයේ පරිනාමය වෙමින් පැවති බලශක්ති අර්බුදය සහ එය සංවර්ධනය වන රටවල් කෙරෙහි බලපාන ආකාරය නායකයන් දෙපොල අතර සාකච්ඡාවල යොමුව විය. එයට අමතරව ද්විපාර්ශ්වික සබඳතා තර කිරීම ද සාකච්ඡාවට භාජන විය.

1974 සැප්තැම්බර් 04 – 09 – පකිස්ථාන සංචාරය

අගමැති සුල්ෆිකාර් අලි බූටෝ මහතාගේ ආරාධනය පරිදි බණ්ඩාරනායක මැතිනිය 1974 දී පකිස්ථානයේ රාජ්‍ය නිල ගමනක යෙදුනා ය. ඇයගේ ගමනේ දී සෙනෙට් සභාව සහ ජාතික සභාව එක්ව රැස්කරන ලද රැස්වීමක් ඇමතීමේ අවස්ථාව බණ්ඩාරනායක මැතිනියට ලැබුණි. ශ්‍රී ලාංකිකයකු ප්‍රථමවරට ලබාගත් මෙම අවස්ථාව, දුර්ලභව පිරිනැමෙන ගෞරවයක් වන අතර, මෙතෙක් එය ලබා ඇති සංඛ්‍යාව ඉතා අල්පය. සංවර්ධන කටයුතු නැරඹීම