Monthly Archives: ජූනි 1975

1975 ජුනි 18 – මෙක්සිකෝවේ පැවති කාන්තාවන් පිළිබඳ ලෝක සමුළුව

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ බණ්ඩාරනායක මැතිනිය, තම ප්‍රථම මැතිවරණයෙන් 15 වසරකට පසු, කාන්තාවන් පිළිබඳව මෙක්සිකෝවේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතා, මුඛ්‍ය දේශනය කළාය. කාන්තාවන්ගේ කාර්යභාරය වචනයට නංවමින් ඔවුන්ගේ දායකත්වය අවධාරණය කළ ඇය “අප මෙහි පැමිණ සිටින්නේ කාන්තාවන්ට වෙනස්කම් දැක්වීමේ පිළිවෙත බිඳහෙලීමට පමණක් නොව, සංවර්ධනයේ දී අමතක කරන ලද මානව වර්ගයාගෙන් අඩකට වැඩි කොටසක් ඒකාබද්ධ කර

1975 ජුනි 10 – ජීනීවා හී පැවති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරය

අන්තර්ජාතික කාන්තා වර්ෂය තුළ, මානව වර්ගයාගේ ප්‍රගතිය සඳහා කාන්තා කාර්යභාරය යන තේමාවට කැප වූ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සැසිවාරයට, විශේෂ අමුත්තියක වශයෙන් බණ්ඩාරනායක මැතිනිය සහභාගී වූවාය. මහා සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමින් සාමය, යුක්තිය සහ සමානාත්මතාවයේ ප්‍රගතිය පිණිස නැවත පනගන්වනු ලබන කැපවීමකින් ක්‍රියා කරන ලෙස ඇය ආයාචනය කළාය. ස්විට්සර්ලන්තයේ ගත කළ කාලය තුළ ඇය 77 කණ්ඩායම ද