Monthly Archives: ජූනි 1994

1994 ජුනි 11 – බණ්ඩාරනායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

වෘත්තීය විදේශ සේවයට සහාය වන්නා වූ වෘත්තියක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සේවයෙහි යෙදෙන්නන්ට මනා පුහුණුවක් ලබාදෙන රාජ්‍යතාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම බණ්ඩාරනායක මැතිනිය ආරම්භ කළා ය. ලංකා විදේශ සේවයේ පළමු කණ්ඩායමට අයත් එවකට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක පසුවූ වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රිකයා හැටියට සැලකිය හැකි වූ ආචාර්ය එල්.බී. වර්නන් මෙන්දිස් මහතා එහි අධ්‍යක්‍ෂ ජනරාල් හැටියට ඇය විසින් පත් කරන