Monthly Archives: නොවැම්බර් 1994

1994 නොවැම්බර් 14 – ජනාධිපති මැතිවරණය

මහජන ඡන්දය පවත්වා මාස කීපයකට පසු 1994 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මැතිවරණය පවත්වන ලදී. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට මුළු ඡන්ද ගණනින් 62%ක් ලැබුණි. ඒ අනුව ඇය අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී වඩා උසස් තනතුර භාර ගත්තාය. සිරිමා බණ්ඩාරනායක මැතිනිය තුන්වන වරටත් අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දුන්නාය. 2000 අගෝස්තු මාසයේ දී ඉල්ලා අස්වන තුරු ඇය එම තනතුර දැරුවාය.