එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේ දී බණ්ඩාරනායක මැතිනිය වොෂිංටන් නගරයට පෞද්ගලික ගමනක යෙදුනාය. ඇය එක්සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්සන් සමග ඕවල් ඔෆීස් හී දී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත් වූවාය. තව ද රාජ්ය ලේකම් විලියම් රොජර්ස් මහතා සමග සාකච්ඡා පැවැත් වූ අතර එක්සත් ජනපද ජනාධිපති ආර්යාව විසින් ඇයට ආගන්තුක සත්කාර දක්වන ලදී. 1953 නොවැම්බර් මාසයේ දී උප ජනාධිපති හැටියට සේවය කරන අවධියේ දී ලංකාවට පැමිණ ඇති රිචඩ් නික්සන් ශ්රී ලංකාව කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූයේය.