Monthly Archives: ඔක්තෝබර් 2015

1974 ජුනි 26 – ශ්‍රී ලංකාවට කච්චතිවු දූපත ලැබීම

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතිවු දූපත, බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය සමග පැවැත් වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, සමුද්‍ර සීමාවේ ශ්‍රී ලංකාවට අයත් කොටසේ පිහිටි බවට එකඟත්වය පලවිය. බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද, විසඳීමට නොහැකි වූ දිගු කලක පටන් පැවති මෙම ගැටළුව ඉන්දියා – ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය

1963 ජනවාරි 08 – කොළඹ යෝජනා සඳහා එකඟත්වය ලබා ගැනීමට චීනය බලා පිටත්වීම

කොළඹ සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන චීනය දැනුවත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය චීනය බලා පිටත්ව ගියා ය. ඇයගේ ප්‍රයත්නය සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. සාමකාමී විසඳුමක් ඇති කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය දැරූ ආරම්භක ප්‍රයත්නය ගැන චීනය තම කෘතඥතාවය පල කළේය. බැංඩුං සිද්ධාන්ත නැවත තහවුරු කිරීමට මෙම සුදුසු අවස්ථාවක් විය. ඒ අනුව දැනට මතු වී ඇති ප්‍රශ්නය පමණක් නොව මෙම