• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1960 ජුලි 21 – ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ඡන්දයෙන් තේරී පත්වීම

ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වීමත් සමග බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූවා ය. 1960 වර්ෂයේ පැවති දෙවන මහ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ර‍ට පාලනය කිරීම සඳහා පහසු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ ය. 1960 ජුලි 21 දින සවස 4.30ට ආණ්ඩුකාර තැන්පත් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ ඔහුගේ නිවසේ දී බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අග්‍රාමාත්‍ය හැටියට දිවුරුම් දුන්නා ය. ආරක්ෂාව සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය හැටියට ද කටයුතු කළ ඇය, බොහෝ දෙනා පා තැබීමට සැක සංකා පහළ කළ භූමියකට පා තැබුවා ය. නමුත් තමා හැදුන වැඩුන පරිසරයෙන් ලබා ගත් ශික්ෂණය ද, තම ස්වාමියාගේ දේශපාලන ගමන් මගට සමීපව අනුගාමී වීම සහ තමාගේම සමාජ සේවා අත්දැකීම් පදනම් කොට ගෙන, තම හැකියාවන් අනතුරුව උදා වූ දශකයන් තුළ ඇය සනාථ කළා ය.