• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1972 මැයි 22 – ශ්‍රී ලංකා ජනරජය බිහිවීම

1972 මැයි 22 දින ජනරජ ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්ත්වයෙන් බැහැර වී සම්පූර්ණයෙන් ම නිදහස් රටක් බවට පත්විය. නව ව්‍යවස්ථාව යටතේ මෙතෙක් කල් එක්සත් රාජධානියේ මහ රැජින විසින් පත්කරන ලද අග්‍රා‍ණ්ඩුකාර වෙනුවට ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානි හැටියට පත්වීම් ලැබී ය. විලියම් ගොපල්ලව මහතා පළමු ජනාධිපති පදවියට පත් වූ අතර බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය පදවිය ලැබුවා ය. ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව නීත්‍යානුකූලව පිළිගැනීමත් සමග ජාතික රාජ්‍ය සභාව සත්වන පාර්ලිමේන්තුව අභිබවා ස්ථාපිත විය. පළමු ජාතික රාජ්‍ය සභාව අවුරුදු 4කට පසු 1977 මැයි 18 දින විසුරුවා හරින ලදී.