• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1970 නොවැම්බර් 24 – බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ආරම්භ කිරීම

1964 පෙබරවාරි මාසයේ දී චීන අගමැති චෞ එන් ලායී මහතාගේ ආගමනයේ දී දුන් ප්‍රතිඥාවක් අනුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අනුස්මරණය කිරීම සඳහා වන අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා පළමු පස්පිඩැල්ල කැපීමේ උත්සවය 1970 නොවැම්බර් 24 දින බණ්ඩාරනායක මැතිනිය, අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සහ ලංකා කැබිනට් මණ්ඩලය ඉදිරියේ දී සිදුවිය. බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව යනුවෙන් නම් කිරීමට නියමිත වූ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් අවධියේ දී ඉදිකිරීමට අදාළ කටයුතු සඳහා බණ්ඩාරනායක මැතිනිය ද, ඇයගේ කැබිනට් මණ්ඩලය ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ශ්‍රමදානයෙන් සහභාගී වූ හ. සැලසුම්ගත දිනයට මාස 4කට කලින් තනා නිම කළ ගොඩනැගිල්ල, මෙරට ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම් සම්ප්‍රදාය අනුව නිම විය.