• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1971 ජනවාරි 25 – අගමැති පියරෙ ටෲඩෝ මහතාගේ පැමිණීම

කැනේඩියානු අගමැති පියරෙ ටෲඩෝ මහතාගේ සිව් දින සංචාරය ලංකා – කැනඩා මිත්‍රත්වයේ වැදගත් සන්ධිස්ථානයක් විය. කැනඩා අගමැති සමග බණ්ඩාරනායක මැතිනිය ගොඩනගා ගත් මිත්‍රත්වය ඇයගේ ධූර කාලයේ දිගු කල් පැවතුණි. ලංකාව ගැන ඉතා ප්‍රසාදජනක හැගීමක් ටෲඩෝ මහතා කෙරෙහි පැවතුණි. භාෂා දෙකක් සහ ආගම් 4ක් සඳහා ඉඩ හසර සැලසූ ලංකාව ක්විබෙක් ප්‍රාන්තය සහ කැනඩාවට ආදර්ශයක් ලෙස උසස් මට්ටමක පවතින බව ටෲඩෝ මහතාගේ අදහස විය.