• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1964 පෙබරවාරි 26 – 29 – චීන අගමැති චෞ එන් ලායීගේ පැමිණීම

චීන අගමැති චෞ එන් ලායී දින හතරක චාරිකාවක් සඳහා ලංකාව‍ට පැමිණියේ ය. එය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය යි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආරාධනය පරිදි 1957 දී මෙහි ආ පළමු ගමන, ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම නිමිති කොට ගෙන සහ ලංකා නිදහස් දින උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වීම අරමුණු කොට ගෙන ය. 1964 ගමනේ දී බණ්ඩාරනායක මැතිනිය සමග පැවති සාකච්ඡාවේ දී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීම සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගෙන් ලැබුණ සහාය අගය කිරීම සඳහා සහ ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් බණ්ඩාරනායක මහතාගේ නමින් නම් කරනු ලබන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මේලන ශාලාව ඉදිකොට සම්පූර්ණ ත්‍යාගයක් වශයෙන් පිරිනැමීමට චෞ එන් ලායී මහතා එකඟ විය.