• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1963 ජුලි 27 – න්‍යෂ්ටික අත්හදා බැලීම තහනම් කිරීමේ ගිවිසුම ගැන ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පලවේ

න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සහාය ලබා ගැනීමේ දැඩි අධිෂ්ඨානයක පසු වූ බණ්ඩාරනායක මැතිනිය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අත්සත් තැබීම ගැන ඉමහත් ප්‍රසාදයට පත් වූවා ය. මෙම අවස්ථාවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් “මෙය ඇත්ත වශයෙන්ම ලෝක සාමය ළඟා කර ගැනීම සඳහා තැබූ ප්‍රථම පියවරකි. අප අවංකවම බලාපොරොත්තු වන පරිදි, මෙම ගිවිසුම න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්පූර්ණයෙන්ම නවතා දමන තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ වැදගත්ම සාම සංසිද්ධිය වනු නොඅනුමානය” යනුවෙන් බණ්ඩාරනායක මැතිනිය සඳහන් කළාය. තවදුරටත් කරුණු දක්වමින් “බලවතුන් තිදෙනෙකුගේ වර්තමාන කාර්ය සාධනය අන්තර්ජාතික විශ්වසනීයත්වයේ නව යුගයක් උදාකොට සාමාන්‍ය හා සම්පූර්ණ නිරායුධකරණය දක්වා වඩා විශිෂ්ට වූ කාර්ය සාධනයන්ට මග පාදනු ඇතැයි ලංකාව විශ්වාස කරයි” යනුවෙන් ඇය සඳහන් කළා ය.