ජවහර්ලාල් නේරු මහතා හෘදයාබාධයකින් අනතුරුව අභාවප්‍රාප්ත වීම, ඉන්දියාවට සහ ඔහුගේ ඥානාන්විත උපදෙස් සහ මඟපෙන්වීම කෙරෙහි විශ්වාසය තැබූ නොබැඳි ලෝකයාගේ කම්පනයට හේතු විය. තම ධූර කාලයේ දී ද්විපාර්ශ්වීය කටයුතු ද, නොබැඳි ව්‍යාපාරය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රියාකාරකම් ද, පදනම් කොටගත් පුළුල් පරාසයක සබඳතා බණ්ඩාරනායක මැතිනිය සහ නේරු මහතා අතර පැවතුණ නමුත් ඇය නේරු මහතා ප්‍රථමයෙන් හඳුනා ගත්තේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අග්‍රාමාත්‍ය ධූර කාලයේ දී ය. නව දිල්ලියේ දී බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් ඇලෙක් ඩග්ලස් හෝම්, එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඩීන් රස්ක් සහ සෝවියට් උප අගමැති ඇලෙක්සි කොසිගින් සමග බණ්ඩාරනායක මැතිනිය අවමංගල උත්සවයට සහභාගී වූවා ය.