• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1970 මැයි 27 – මහජන ඡන්දයෙන් ජය ලැබීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකතු වූ එක්සත් පෙරමුණේ නායිකාව ලෙස බණ්ඩාරනායක මැතිනිය 1970 මහජන ඡන්දයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා ය. ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91ක් ද, ලංකා සමසමාජ පක්ෂයට ආසන 19ක් ද, කොමියුනිස්ට් පක්ෂයට ආසන 6ක් ද හිමි විය. එහි ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක මැතිනියට පාර්ලිමේන්තුවේ ආසන තුනෙන් දෙකක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීම යි.