නොබැඳි ව්‍යාපාරයේ නායක සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මෙම අවධියෙහි, බණ්ඩාරනායක මැතිනිය සමග නොයෙක් අන්තර්ජාතික සමුළුවල දී සබඳකම් පැවැත් වූ සැම්බියානු ජනාධිපති කෙනත් කවුන්ඩා, ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු බණ්ඩාරනායක මැතිනිය සමග පැවති සාකච්ඡාවල දී අප්‍රිකාවට අදාළ ගැටළු සහ අප්‍රිකානු මතය සමුළු සාකච්ඡාවලට ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කළේය.