• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1987 ජුලි 29 – ඉන්දු – ලංකා සම්මුතියට විරුද්ධ වීම

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි මහතා අතර අත්සන් තබන ලද ඉන්දු – ලංකා සම්මුතියට බණ්ඩාරනායක මැතිනියගේ බලවත් විරෝධය පලකරන ලදී. ව්‍යාපාරයේ පෙරමුණ ගනිමින්, බණ්ඩාරනායක මැතිනිය සහ ඇයගේ පුත් විරුද්ධ පක්ෂයේ නායක අනුර බණ්ඩාරනායක මහතා ද, අනෙක් පක්ෂ හා එක්ව සම්මුතියට අත්සන් තැබීමට විරුද්ධ විය. ඉන්දියානු අගමැතිවරයාට, ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දින උදයේ, සම්මුතිය හෙලා දකිමින් බණ්ඩාරනායක මැතිනිය ලිපියක් යැව්වාය.