දෙවන වරටත් අගමැතිනිය හැටියට තේරී පත්වුන බණ්ඩාරනායක මැතිනිය අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා ඉදිරියෙහි දිවුරුම් දුන්නා ය. අග්‍රාමාත්‍ය ධූරයට අමතරව බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍ය පදවිය ද, සැලසුම්කරණය සහ සේවා නියුක්තිය පිළිබඳ ඇමති ධුරය ද දැරුවා ය.