• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1970 සැප්තැම්බර් 29 – ඊජීප්තුවේ ජනාධිපති නසාර්ගේ අභාවය

නොබැඳි ව්‍යාපාරයේ බලගතු නායකයෙකු වූ ද, බණ්ඩාරනායක මැතිනියගේ සමීප මිතුරෙකු වූ ද ඊජීප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර්ගේ අභාවය නිසා ඔහුගේ රාජ්‍ය අවමංගල උත්සවයට කයිරෝ නගරයට යාමට බණ්ඩාරනායක මැතිනියට සිදු විය. ඔහුගේ මරණයට සති කීපයකට පෙර නොබැඳි ව්‍යාපාරයේ නසාර් මහතා දැරූ නායකත්වය සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩා මහතාට පිරිනැමූ ලුසාකා සමුළුවේ දී බණ්ඩාරනායක මැතිනියට නසාර් මහතා හමුවිය. අවමංගල උත්සවයේ දී සෝවියට් සමාජවාදී එක්සත් සමුහාණ්ඩුවේ අගමැති කොසිගින්, ඉතියෝපියාවේ අගරජ හේලි සෙලසි, සයිප්‍රසයේ අග්‍රරාජගුරු ප්‍රසාදී මකාරියෝස් III සහ පලස්තීන නිදහස් සංවිධානයේ නායක යසර් අරෆත් වැනි උසස් පදවිප්‍රාප්තිකයන් හමු වී ඔවුන් සමග දැඩි මිත්‍රත්වයක් ඇති කර ගැනීමට බණ්ඩාරනායක මැතිනියට හැකි විය. පාලනය කළ නොහැකි සන්තාපයකින් පෙලුන ඊජීප්තු ජනතාව නිසා බොහෝ ලෝක නායකයන්ට අවසන් ගෞරව දැක්වීමට හැකි වූ නමුත් ආරක්ෂක හේතූන් මත අවමංගල උත්සවයට සහභාගී වීමට නොහැකි විය.