• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1962 අප්‍රේල් 30 – ඇමෙරිකානු න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරුද්ධ වීම

දශක ගණනාවක් තිස්සේ බලපැවැත් වූ හානියක් සිදු වීම සමග හිරෝෂිමා සහ නාගසාකි විනාශය ද සැලකිල්ලට ගත් ලංකාව, ඇමෙරිකාව න්‍යෂ්ටික මෙවලම් අත්හදා බැලීම ගැන අප්‍රමාදව ප්‍රතිචාර දැක්වීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතාට ලිපියක් යවමින් “මෙම පරීක්ෂණ නවත්වන ලෙස ලෝකය පුරා ඉල්ලීමක් පවතින අතරම දැනට ජිනීවාහී පැවැත්වෙන සාකච්ඡා කෙරෙහි ලෝකයේ බලාපොරොත්තු එක්තැන් වී පවතින අවධියක මෙම පරීක්ෂණ නැවත ආරම්භ කිරීම සාමයට බාධාවකි. එම පරීක්ෂණ මානව වර්ගයා න්‍යෂ්ටික විනාශයකට සමීප කරයි”. යනුවෙන් සඳහන් කළ බණ්ඩාරනායක මැතිනිය “ලංකාව වැනි අපක්ෂපාතී රටවල් නිරායුධකරණයට සහ න්‍යෂ්ටික අවි තහනමට කැපවී ඇති අතර ඔවුන්ගේ සාමූහික බලාපොරොත්තු නොසලකා හැරීම ගැන පුදුමයට පත්වී සිටිති” යනුවෙන් තවදුරටත් නොවළහා තම ස්ථාවරය ප්‍රකාශ කළා ය. මෙම ලිපියට පිළිතුරු සැපයූ ජනාධිපති කෙනඩි බණ්ඩාරනායක මැතිනිය බෙල්ග්‍රේඩ් හී දී පැවැත් වූ කථාව සිහිපත් කරමින් “නිරායුධකරණයේ සෑම අවස්ථාවක්ම සහ පියවරක්ම මෙහෙයුම් සහ නඩත්තුව ගැන ඵලදායී පරීක්ෂණ සහ පාලන විධි ක්‍රම ස්ථාපනය සමග සිදු විය යුතුය” යනුවෙන් සඳහන් කළේ ය. ජනාධිපති කෙනඩි තව දුරටත් මෙසේ සඳහන් කළේ ය. “ඵලදායී පරීක්ෂණය සහ පාලනය කෙසේ සංස්ථාපනය විය යුතු ද යන්න ගැන අප අතර සමහර මතභේද ඇතත්, එහි අවශ්‍යතාව ගැන අප අතර මතභේද නැති බව දක්නට ලැබීම සතුටකි.”