• සිරිමාවෝ බණ්ඩාරනායක

  • சிறிமாவோ பண்டாரநாயக்க

  • SIRIMAVO BANDARANAIKE

" The World's First Female Prime Minister "

1976 සැප්තැම්බර් 30 – එක්සත් ජාතීන්ගේ මහා සභාවෙහි 31වන සැසිවාරය

ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක සහ නොබැඳි ව්‍යාපාරයේ සභාපති හැටියට බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ මහා සභාව අමතා නොබැඳි ව්‍යාපාරයේ කාර්යභාරය ද, බැංඩුං ප්‍රකාශයෙහි ඇතුළත් වන එම ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්ති ද, නොබැඳි ව්‍යාපාරයෙහි අදාළත්වය ද, අවධාරණය කරමින් කතා කළාය. වඩා යහපත් ලෝක තත්ත්වයක් ද, එක්සත් ජාතීන්ගේ විශ්වීය ස්වභාවය ද, ජාතීන් අතර සමානාත්මතාවය ද, ළඟා කර ගත යුතු බව ඇය කීවාය.